ඊ-කෑෂ් වලින් සල්ලි ගරලා


දුරකථන සමාගමක ලොතරැයියකින් ඇදුණු ලක්ෂ දහයක තෑග්ග ලබාගැනීමට පෙර ගෙවියයුතු ගාස්තුවක් ඇතැයි කියමින් පරිසකගෙන් ඊ-කෑෂ් මගින් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් වංචා කළැයි කියන ගැහැණු දෙදෙනෙක් ගල්කිස්සේ දී අත්අඩංගුවට ගනු ලැබ සිටිති. සිරකරුගේ අනියම් බිරියක මේ වංචාවට මුල් වී ඇතැයි ද පොලීසිය කියයි.