ඉඳුරුවේ ත්‍රිරෝද රියදුරෝ ගාලු පාර හරස් කරති


ඉඳුරුවේ බස් ත්‍රිරෝද අනතුරින් ත්‍රිරෝද රියේ සිටි තිදෙනකු මිය යෑමට හේතුව කාපට් ඇතිරූ මහ පාරේ මහා වතුර වළක් බව කියන ත්‍රිරෝද රියදුරෝ කොළඹ - ගාල්ල පාරේ ත්‍රිරෝද රිය හරස් කර දැන් උද්ඝෝෂණයක් පවත්වති.

එම වතුර වළ වසා පාර අලුත්වැඩියා කරන ලෙස බලධරයනට කීවත් ඔවුන් එසේ නොකළ නිසා ජීවිත තුනක් අහිමි වූ බව ද විරෝධතාකරුවෝ පවසති.