ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අරී


 

(ශාන්ත චන්ද්‍රසිරි සහ  ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )

තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (10) උදෑසන විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන්   පියවර ගෙන තිබිණි.
 
ජලාශයට ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට මේ දිනවල වරින් වර පවතින අධික වර්ෂාව හේතුවෙන්  ජලාශයේ එක් වාන් දොරටුවක් මෙසේ විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
 
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් මෙසේ විවෘත කිරීමත් සමඟ ජලාශයට පහළ ප්‍රදේශයේ පිහිටි සෙන් ක්ලෙයාර් දිය ඇල්ලේ ජල මට්ටමද ඉහළ ගොස් දර්ශණීය ලෙස කඩා හැලෙමින් පැවැතිණි.