( රංජිත් රාජපක්‍ෂ )
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වර්ෂාව ඇද හැලීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.
තවදුරටත් එම ජල පෝෂක ප‍්‍රදේශවලට අධික වර්ෂාව ලැබුණහොත් එම ජලාශයේ වාන් දොරටු ස්වයංකි‍්‍රයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් සිටින පිරිස්වලට සැලකිලිමත් වන්නැයි ඉහළ කොත්මලේ ජලාශයේ ඉංජිනේරුවෝ ඉල්ලති.
කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
ලක්‍ෂපාන ජලාශයේ විවෘත කර තිබු වාන් දොරටු මේ වන විට වසා දමා ඇති අතර තවදුරටත් වැසි ලැබුණහොත් එම ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බව විදුලි බලමණ්ඩලය පවසයි.




