ශ්‍රී ලංකාවේ දිගම උමග වන ඉහළ කොත්මලේ උමං මාර්ගයට මංගල දියවර අද උදේ මුදාහැරිණි. විදුලිය ඇමැති පාඨලී චම්මික රණවක මහතා ප්‍රධාන ආරාධිතයාය. කොත්මලේ ඔයේ ජලය තලවාකැලේ සිට නියම්ගම් දොර දක්වා කිලෝමීටර් 13ක් දිග, මීටර් 5.9 විෂ්කම්භයෙන් යුත් උමඟින් භූගත ජලවිදුලිබලාගාරයට හරවා මෙගාවොට් 150ක ජල විදුලිය නිපදවයි.