ඉහළ උසාවියට ගිය හේතුව ජනපති කියයි


අජන්ත කුමාර අගලකඩ
 
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක්ද 6ක්ද යන්න සම්බණ්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16) පැවති කැබිනට් රැස්වීමෙදී පැහැදිලි කර ඇත.
 
තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවේ වසර 6ක් බලයේ සිටීමට නොව ඒ සම්බන්ධයෙන් වන මත දෙකක් ඉදිරිපත් වීම නිසා බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
 
සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී ද නිලධාරීන් මේ ප්‍රශ්නය මතු කළ බව පවසා ඇති  ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සුදුසුම පියවර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය  විමසීම බැවින් තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ බව සඳහන් කර ඇත.