දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් ජනමත විචාරයකදී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බවටත් පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීම අවශ්‍ය බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කැර ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා කියයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි සංශෝධන සියල්ල විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
ඊට අමතරව 11 වැනි වගන්තියෙත් ජනාධිපතිවරයා සතු බලතල ඇමැතිවරයාට ලබා දීමේදී සංශෝධනය වන 42(3),43(1),44(22),44(3) සහ 44(5) යන අනු ව්‍යවස්ථා සහ 26 වැනි වගන්තියේ 104 ආ (5) (ඇ) අනු ව්‍යවස්ථාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවෙන් විධිවිධාන ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.මේ අනුව ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන මෙසේය.
· අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන්නේය.
· අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාවද අමාත්‍යංශ සහ එක් එක් අමාත්‍යවරුන්ට පවරන විෂය සහ කාර්යද විනිශ්චය කරනු ලැබිය යුත්තේය.
· අග්‍රාමාත්‍යවරයා විසින් කවර වේලාවකදී වුවද අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයාම නිර්දේශ කිරීම කරනු ලැබිය හැක්කේය.
· අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරණ වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේය.
· අමාත්‍යවරුන්ට පැවැරිය යුතු විෂය හා කාර්යද එකී අමාත්‍යවරුන්ට යම් අමාත්‍යංශයක් බාර කරනු ලබන්නේ නම් ඒ අමාත්‍යංශයක් අග්‍රාමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය යුත්තේය.
· අමාත්‍ය මණ්ඩලයේ කවර වුහෝ අමාත්‍යවරයකු විසින් ඔහු හෝ ඇය වෙත පැවැරී ඇති යම විෂයකට හෝ කාර්යයකට අදාළ යම් බලයක හෝ කාර්යක හෝ යම් කිසි ලිඛිත නීතියකින් ඔහුට හෝ ඇයට පැවැරී ඇත්තාවු හෝ නියම වී ඇත්තාවු යම් බලයක් හෝ කාර්යයක් අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත ගැසට් පත්‍රයේ පළ කරන නිවේදනය මගින් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයකුට පවරා දිය හැකි අතර අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයාට එකී බලය හෝ නියම කරන්නාවු ලිඛිත නීතියට පටහැනිව කුමක් සඳහා වුවද මේ ව්‍යවස්ථාව යටතේ එකි වදන් අමාත්‍යවරයා වෙත පවරා දෙනු ලැබු යම් බලයක් හෝ කාර්යක් ඔහු හෝ ඇය විසින් ක්‍රියාත්මක කිරිම හෝ ඉටු කිරීම නීත්‍යනුකූල වන්නේය.
යම් වගන්තියක් සංශෝධනය වන්නේ නම් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුය.
· ඊට අමතරව ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 26 වැනි වගන්තියේ 104(05) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට සංශෝධිත කරුණු ඇතුළත් කරන්නේ නම් ඒ සඳහා ද ජනමත විචාරණයක් පැවැත්විය යුතුය.
· ඒ අනුව ඉහත වගන්තියෙන් කියවෙන්නේ මැතිවරණයක් පැවැත්වෙන සමයක සියලු මාධ්‍යන් කිසි බලධාරියකු යටතට පත් කළ යුතුය යන ව්‍යවස්ථාවට බලාත්මක කිරීම කළ යත්තේ ජනමත විචාරණයකින් පසුවයි.

