ඉසුරු පාය ළඟ තව උද්ඝෝෂණයක්


අවුරුදු 10කට වැඩි කාලයක් අධ්‍යාපන පරිපාලන සේවයේ විවිධ තනතුරුවල වැඩ බැලූ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට දී අද පැවැත්විණි. අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමේ සියළු සිදුසුකම් සම්පූර්ණ කර තිබීමත්, දීර්ඝ කාලයක් විවිධ තනතුරුවල වැඩ බලීමත් නිසා තමන් සිටි පෙර තනතුරුවලට ආපසු යාමට නොහැකි වීමත් යන කරුණු නිසා දැන් සිටින තනතුරේ සේවය ස්ථිර කරන්නැයි ඔවුහු ඉල්ලති.