ඉසුර උදා කළ හැක්කේ අලියාට පමණයි


මේ රටේ ජනතාවට බියෙන් සැකෙන් තොරවු සෞභාග්‍යමත්  ජිවිතයක්  ගත කළ හැකි වන්නේ  අගෝස්තු  17 වැනිදා  පිහිටුවන එජාප ප්‍රමුඛ රජයක්  යටතේ  පමණක්  බව ගම්පහ දිස්ත්‍රික්  අපේක්ෂක  රාජ්‍ය  අමාත්‍ය  රුවන්  විජයවර්ධන මහතා  දොම්පේ පැවති  ජනහමු කීහිපයක්  අමතමින් පැවසුවේය.

අපට  අවශ්‍ය  වන්නේ  පාට පක්ෂ නොමැති  යහපත්  පාලනයක්  මේ රටේ  ක්‍රියාත්මක කිරිමට  හා  රට  ගැන ජනතාව ගැන නොසිතා  නිතියට  පිටුපා  තමන්ගේ  මතය තරකර ගන්නා  දේශපාලන සංස්කෘතියකට  තිත තැබීම බව මෙහි දී  කියා සිටියේය.

පසුගිය රජය පාලකයන්  ජනතාවට  මොනවා වුණත්  තමන්ගේ  පවුල ආරක්ෂා  කර ගැනීමේ දේශපාලන සංස්කෘතියක්  ක්‍රියාත්මක කළ බවත්  ජනතාවගේ හඬට  කන් දීම වෙනුවට  වෙඩි  උණ්ඩයෙන්  ප්‍රතිචාර  දැක්වු බවත්  එහිදි  විජයවර්ධන මහතා පැවසුවේය.