සති තුනකට පෙර විශ්‍රාම යා යුතුව සිටි බස්නාහිර පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන ලේකම් අද (17) මීගමුව ශාන්ත පීතර විද්‍යාලයයේ පැවැති ගුරු තුලන වැඩසටහනක ප්‍රධානියා ලෙස සහභාගී වී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
සේවා දිගුවක් පවා නොලැබ තනතුරේ රාජකාරි කිරීම නීති විරෝධී බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන් පී අයිලප්පෙරුම මහතා පැවසුවේ පළාත් අධ්‍යාපන ලේකම්ගේ උපදෙස් පරිදි නියෝජ්‍ය ලේකම් සමග තමා ගුරු තුලන වැඩසටහනට සහභාගී වූ බවයි.
ඔහු විශ්‍රාම ගියත් සේවා දිගුවක් ඉල්ලා ඇති නිසා එලෙස කටයුතු කිරීමේ වරදක් නැතැයි පළාත් අධ්‍යාපන ලේකම් එස් ටී කොඩිකාර මහතා කියයි. ඔහුගේ සේවා දිගුවට අවශ්‍ය ලේඛන සියල්ල ජනවාරි පළමු වැනි දා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමු කළ බවද කොඩිකාර මහතා සඳහන් කරයි.
නියෝජ්‍ය ලේකම්ට සේවා දිගුවක් ලබා දෙන්නේදැයි තවම තීරණය කර නොමැති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් සුනිල් අබේවර්ධන මහතා පවසයි. පත්වීමක් නැතිව එලෙස රාජකාරි කිරීමට වැරදි බව කී ඒ මහතා පැමිණිල්ලක් ලද හොත් විමර්ශනය කරන බව ද සඳහන් කරයි.