ඉසිපතන විදුහල ‘ජනාධිපති කුසලාන’ රග්බි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනියි
‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විදුහල ලකුණු 47-0 කින් පරදවා ඉසිපතන විදුහල් කී‍්‍රඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුහ. කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී අද(23) පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ජයග‍්‍රාහී ඉසිපතන විදුහල ලකුණු 33-0 කින් පෙරමුණේ පසු විය. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් තරගාවලිය සංවිධානය කරයි.

