ඉස්ලාමීය හා මුස්ලිම් සංවිධාන පාස්කු ඉරිදා ප්‍රහාරය හෙළාදකී


(රංජන් කස්තුරි)
 
පාස්කු ඉරුදින සිවිල්වැසියන් ඉලක්ක කරගනිමින් සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය ඉස්ලාමීය සහ මුස්ලිම් සංවිධානයන්හි නායකයින් සහ සාමාජිකයින් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව එම සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංගමය, මුස්ලිම් මාධ්‍ය සංසදය, ලංකා මෙමන් සංගමය, ශ්‍රී ලංකා මාලේ සංසදය, ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාමී ඇතුළු සංවිධාන 15ක් ඒකාබද්ධව නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.