සුජිත් හේවාජුලිගේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් සිට
පාකිස්ථානයේ, ඉස්ලාම්බාද් නුවර රාජ්‍යතාන්ත‍්‍රික පරිශ‍්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) විවෘත කෙරිණි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද රාත්‍රීයේ පාකිස්ථානු අග්‍රාමාත්‍ය ෂහීඩි කාන් අබිබාසි මහතා හමුවීමටද නියමිතය.
දෙරටේ නායකයන් අතර ද්වි පාර්ශවික ගිවිසුම් කිහිපයක් අත්සන් කෙරෙන බවද තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා ජනාධිපති හා පාකිස්ථානු ජනාධිපති මම්නුන් හුසේන් මහතා අතර විශේෂ හමුවක් හෙට (24) පස්වරුවේ පැවැත්වේ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය