’‘ ලෝකයේ ඉස්තරම්ම මිනිරන් හොඳම රබර් තියාගෙන වසර 67 ක් රට පාලනය කළත් පැන්සල් කූරක් මකන කෑල්ලක් හදා ගන්න බැරි ආණ්ඩුවලට මේ රට කවදාවත් දියුණු කරන්න බැරි බව උකුරණ නගරයේදී පැවැති ප‍්‍රචාරක රැස්වීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය.
මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඡන්දයෙන් කිසි සේත් දිනන්නේ නැති බවත් සන්ධානයේ නායකයාම සන්ධානයට එරෙහි වී ඇති බවත් ටිල්වින් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂය ද යහපාලනය ඇති කිරීමට අපොහොසත් වී ඇති බැවින් ජනතාවට විකල්පයකට ඇත්තේ ජවිපෙ පමණක් බවද ඔහු කීවේය.
ජාතිවාදය අවස්සා බලය ලබා ගැනීමට ගන්නා උත්සාහයට ජවිපෙ කිසි සේත්ම ඉඩ නොදෙන බවත් ලෝකයෙන් ණයට කාලා රට දියුණු කරන්න බැරි බවත් අනෙක් පක්ෂ දෙකටම රට හදන සැලසුමක් නැති බවත් පොරොන්දු මළු ඔසවාගෙන රට වටා ලාබයි ලාබයි කියාගෙන යන බවත් ජවිපෙට හොඳ සැලසුමක් ඇති බව ටිල්වින් මහතා පවසා සිටියේය.

![P1090741[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/P10907411.jpg)
![P1090742[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/P10907421.jpg)
![P1090749[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/P10907491.jpg)
