
(අයි ආර් ඉන්දික)
බුත්තල මහගොඩයාය ගම්මානයේ පිහිටි මහගොඩයාය පාසලට වල් අලි කඩා වැදි භවභෝග විනාශ කර ඇතැයි ඇතැයි ගම්වාසිහු පවසති.
පාසට ආ වල් අලි පාසල වටා තිබු දැල් තාප්පය කඩා දමා ඇති අතර පාසලේ තිබු කෙසෙල් වගාවක්ද අලින් විනාශ කර තිබේ .
දිනපතාම මෙම ප්‍රදේශයට වනඅලි තර්ජන එල්ලවෙමින් පවතින අතර පසුගිය දිනවල මෙම පාසල ආසන්නයේ පදිංචි කාන්තාවකට අයත් ගස්ලබු ගස් 350කින් යුත් වගාවක්ද සම්පුර්ණයෙන්ම අලි විනාශ කර දමා තිබුනි .


