
(ටී.කේ.ජී.කපිල)
ප්‍රබල පාතලය ක්‍රියකාවකු වූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත සැකකරුවන් පස් දෙනා නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක දිවයිනට අද (15) රාත්‍රී රැගෙන ආ බව පොලිසිය කියයි.
නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද පස්වරු 6.54ට පමණ රැගෙන එන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.
ප්‍රබල පාතාල කල්ලි නායකයකු ගණේමුල්ලේ සංජීව නමැත්තා කොළඹ අලුකඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දී සහ ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි අපරාධකරුවන් පස් දෙනකු නේපාලයේ කත්මණ්ඩු නුවර මහල් නිවාසයක සැඟව සිටියදී ඉකුත් (13) වැනි දා අත්අඩංගුවට ගත්තේය.
නේපාලයේදී අත්අඩංගුවට ගත් පස්දෙනා අතර ඉෂාරාගේ රුවට බෙහෙවින් සමාන යාපනයේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක, කෙහෙල් බද්දර පද්මෙ නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයකු බවට සැලකෙන ජේ. කේ. බායි, ජැෆ්නා සුරේෂ්, ගම්පහ බබා යන පිරි අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.
අත්අංගුවට ගත් එම පිරිස නේපාලයේදී කිසිසු අපරාධ ක්‍රියාවක් නොකිරීම මත එරටින් පිටුවහල් කිරීමට එරට පොලිසිය කටයතු කළේය.
බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් මීට දින පමණ ඉහතදී නේපාලයේ කත්මණ්ඩු නුවරට ගොස් එක් වී කරන ලද මෙහෙයුමකදී ඉෂාරා ඇතුළු පස්දෙනා කොටු කර ගනු ලැබූහ.




