ඉවසීමෙත් සීමාවක් තිබෙනවා: ෆොන්සේකා පත්කළේ ඒ නිසයි


(ජයන්ත සමරකෝන්)

‘‘කොයි දේටත් ඉවසීමේ සීමාවක් තිබිය යුතුයි. හැම දේටම ඉඩදීමේ ප‍්‍රමාණයක් තිබෙනවා. සරත් ෆොන්සේකා පත් කළේ ඒ නිසයි. මැයි පළමුවැනිදායින්  පස්සේ බලාගනිමු’’ යැයි විදේශසේවා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය බදාදා(26) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිනිය මෙසේ ද කීවාය.

රට වනසන ඒකාබද්ධ හොර කල්ලිය සතියෙන් සතිය රටේ ප‍්‍රශ්න හදනවා. කිසිම තේරුමක් නැති එක්දින තෙල් වර්ජනයෙන් රටක්ම අඩපණ වුණා. රටකට තවදුරටත් මේ විදියට යන්නට බැහැ.

බත්තරමුල්ල විදේශ දේවා නියුක්ති කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරිය මෙසේ පැවසුවේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත‍්‍රිවිධ හමුදාව ඇතුළත් විශේෂ කණ්ඩායමක් පිහිටුවා ඇත්තේ කුමකට දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.