සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම නියෝජනය කිරීමට ආණ්ඩුවෙන් ඉවත්වු 16 දෙනාගේ කණ්ඩායමට ද අවස්ථාව සලසා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ලංකාදිපයට පැවැසීය.
පක්ෂ නායක රැස්වීම සඳහා 16දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ නම යෝජනා කළ බවද ඔහු කීය.
මේ සඳහා ජනාධිපතිවරයාගේ අනුකූලතාව පළ කෙරුණු බවද ඩිලාන් පෙරේරා මහතා පැවසීය. ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රිලනිපයේ 16දෙනා ඉකුත් 8 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.