ඉවතලන මත්පැන් බෝතල් ප්‍රතිචක්‍රීකරණයට සැරසෙයි


මිලියන ගණනක් වූ ඉවතලන මත්පැන් බෝතල් සහ ටින් ප්‍රතිචක්‍රීකරණය සඳහා වන නව ව්‍යාපෘතියක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරීය සමඟ එක්ව සුරාබදු දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක  කරයි.

සෑම වසරකදීම මත්පැන් බෝතල් පරිසරයට මුදාහැරීමෙන් වන දීර්ඝ කාලීන පරිසර දූෂණය සඳහා මෙය විසඳුමක් වන බවද, මෙම ව්‍යාපෘතියෙන් මත්පැන් අලෙවි කරන දේශීය වෙළෙන්ඳන්ට සහ නිෂ්පාදකයන්ට ඉවතලන මත්පැන් බෝතල් මිලදීගැනීම සඳහා දිරිගැන්වීමක් සිදුවන බවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, ඉවතලන මත්පැන් බෝතල් සහ ටින් ප්‍රමාණය හේතුවෙන් පරිසර දූෂණය වන බවට ඔවුන්ට ලැබී ඇති පැමිණිලි ගණනක් හේතුවෙන් මෙම පියවර ගත් බවය.

මධ්‍යම පරිසර අධිකාරිය සමඟ මේ පිළිබඳව කළ සාකච්ඡාවේදී, වසරකදී හිස් මත්පැන් බෝතල් මිලියන 300ක් සහ ටින්වර්ග මිලියන 160ක් නියමිත පරිදි පරිසරයට බැහැර නොකරන බව හෙළි වී ඇත.


16844