(මහින්ද නිශ්ශංක)
තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු වනතුරු ලබන 28 වැනිදා සිට සෑම සිකුරාදාවකම පැය 24ක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.
එහි මුල් පියවර ලෙස ලබන බ්‍රහස්පතින්දා (27) රාත්‍රී 12 සිට සිකුරාදා (28) රාත්‍රී 12 වනතුරු දුම්රිය වර්ජනය පැවැත්වෙන බව ද ඔහු කීවේය.
මෙම වැඩ වර්ජනය සඳහා දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් සහභාගී වන බව ද ඒ මහතා සඳහන් කළේය.

