ඉල්ලා අස්වුණැයි කී අය අදත් මුල් පෙළ අසුන්වල


(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු) 

ඇමැති ධූරවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගන්නා බව කී මුස්ලිම් නියෝජිතයන් අද  (4) දිනයේත් අසුන් ගත්තේ ඔවුන් පෙර සිටි අසුන්වලමය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද පාර්ලිමේන්තුවට පැමිණ ඔහුට හිමිව තිබූ ඉදිරි පෙළ අසුනෙහි අසුන් ගත්තේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ රිෂාඩ් බදියුදීන් මහතා පක්ෂ නායකයකු නිසා එම අසුනේ සිටිය හැකි බවයි.

එසේ වුවත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකු අප හා පැවසුවේ මුස්ලිම් නියෝජිතයින් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වී ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් කර නොමැති බවත් එසේ දැනුම් දුන් පසු ආසන වෙනස් කරන බවත්ය.