දුම්රිය මගීන්ට හිංසා වන අයුරින් දුම්රිය තුළ සිඟමන් යැදීම තහනම් කිරීමට ගනු ලැබු තීරණය නොවැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
අසභ්‍ය ඇඳුමින් සැරසී දුම්රිය මගීන්ට කරදර කරමින් හිඟමන් යැදීම, හිඟමන් නොදුන් විට දුම්රිය මගීන්ට බාධා කරමින් බැන වදිමින් හැසිරීම දුම්රිය ආඥා පනතට අනුව විරුද්ධ දෙයක් බවද එහි නිලධාරියෙක් පැවසීය.
නීතිය ක්‍රියාවට නැංවු පසු ඊට එරෙහිව යමින් හිඟමනේ යෙදෙන යාචකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද දුම්රිය නිලධාරිහු කියති.
මීට පෙරද මෙවැනි නියෝග පනවා තිබුණත් ඒවා ක්‍රියාත්මක වූයේ නැත.

