ඉලන්චේලියන් යාපන මහාධිකරණ විනිසුරු ධුරයට සමුදෙයි



 
(රොමේෂ් මධුෂංඛ)


උතුරු පළාත පමණක් නොව රටේම ජන හදවත් දිනා ගනිමින් ලෝකයක අවධානය යොමු වූ නඩු තීන්දු රැසක් ලබාදුන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා යාපනය මහාධිකරණ විනිසුරු තරණතුරට සමුදීමට සිදුව ඇත.


යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමූදීමට සිදුව ඇත්තේ එම්.ඉලන්චේලියන් මහතා මේ මස 28 වැනි දා ත්‍රීකුණාමලයේ මහාධිකරණ විනිසුරු වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් පත්කර තිබේ.


ඉලන්චේලියන් මහාධිකරණ විනිසුරු තුමන් 2015 වසරේ ජුනි 1 වැනි දා යාපනය මහාධිකරණ විනිසුරු වශයෙන් වැඩ භාරගත්තේද ත්‍රීකුණාමළයේ සේවය කිරීමෙන් පසුවය.


එමෙන්ම ඉලන්චේලියන් මහතා යුද සමයේදී ද වව්නයාව දිස්ත්‍රීක්කයේ මහෙස්ත්‍රාත්වරයා වශයෙන්ද සේවය කර ඇති අතරම යුද සමයේදී මහත් සේවයක් කළ විනිසුරුවරයෙකි. එවකට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ප්‍රසාදය දිනා සිටි අයෙකි.


අනතුරුව යාපනය මහාධිකරණ විනිසුරු වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසුව ආන්දෝලනයකට ලක් වූ විද්‍යා දැරියගේ නඩු තින්දුව ලබා දුන් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කලේද ඉලන්චේලියන් මහතාය.

ඉන් පසුව ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබූ සිදුවීමේදීද විනිසුරු වරයාගේ කම්පා වීම හා ලෙන්ගතුබාවය දුටු ලෝකවාසී ජනතාවගේ මහත් ජනාදරයට පත්වූ මහාධිකරණ විනිසුරුවරයකු වශයෙන් එතුමන් හැඳින්විය හැකිය.