ඉලක්කය ජනපති පූටින් ?


මලයාසියා යානයට එල්ල වූ මිසයිලය රුසියාවේ අගමැති වැඩ්මිලර් පූටින්ගේ ජෙට් යානය ඉලක්ක කැර ගත් මිසයිලයක් වන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මේ යානයට මිසයිල ප්‍රහායර එල්ලවන අවස්ථාවේ රුසියන් ජනාධිපති පූටින් සිය නිල ජෙට් යානයෙන් බ්‍රසීලයේ සිට රුසියාවේ මොස්කව් වෙත යමින් සිටියේය. කඩා වැටුණු මලයාසියා යානය බොයිං 777 වර්ගයේ යානයකි. එහි දිග මීටර 63 කි. පූටින් ජනාධිපතිවරයා ගමන් කරමින් සිටි යානයේ දිග මීටර 55 කි. මලයාසියා යානයේ තටු දෙකේ දිග මීටර 61කි. පූටින් ගමන් කරමින් තිබූ යානයේ තටු දෙක අතර දිග මීටර 60කි.

විදෙස් මාධ්‍ය පවසන්නේ කඩා වැටුණු යානයේ ගමන් මාර්ගයත් පූටින්ගේ යානයේ ගමන් මාර්ගයත් එකිනෙකට ආසන්නයෙන් බොහෝ සෙයින් සමාන මාර්ගයක වූ බවයි. එසේ වුව ද පූටින්ගේ ආරක්ෂක අංශ පවසන්නේ පූටින් ගමන්ගන්නා මාර්ග හෝ වේලාවන් පිළිබඳ කිසිදු හෙළිදරව් කිරීමක් නොකළ බවයි.

කඩාවැටුණු යානය යුක්රේන රුසියා දේශසීමාව මගහැර පියාසර කිරීමට හැකියාව තිබිය දී එම මාර්ගය තෝරාගෙන ඇත්තේ කවර හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මගීන් ගමන්ගත් යානයක් විනාශ කිරීමේ ජාත්‍යන්තර අපරාධයට වගකිවයුත්තන්ට දඩුවම් කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස යුකේර්න අගමැති අර්සේනි යට්සර්න්‍යුක් ලෝක නායකයන්ගෙන් අද ඉල්ලා සිටියේය.