ඉරානය සිරකරුවන් 85,000ක් නිදහස් කිරීමේ තීරණයක


දේශපාලන රැඳවියන් ඇතුළු සිරකරුවන් 85,000දෙනෙකු තාවකාලිකව නිදහස් කිරීමට ඉරානය තීරණය කර තිබේ.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිරකරුවන් නිදහස් කිරීමට තීරණය කළ බව ඉරානය පවසයි.

අධිකරණ ප්‍රකාශක ගොලම්හොසෙයින් ඉස්මයිලි මහතා පැවසුවේ, මුදාහැරීමට නියමිත සිරකරුවන්ගෙන් බහුතරය, ආරක්ෂාව සම්බන්ධව බන්ධනාගාර ගතකර සිටි අය බවය.

‘වයිරසය ව්‍යාප්තවීම පාලනය කරන්න බන්ධනාගාරවලත් ආරක්ෂක පියවර අනුගමනය කිරීමට අපි පියවර ගත්තා’ යැයිද ඔහු කීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ, ඉරානයේ ජනාකීර්ණ පෙදෙස්වලට සහ බන්ධනාගාරවල පිරිසට දැනටමත් වයිරසය ආසාදනය වී ඇති බවයි.   

නිදහස් කිරීමට නියමිත සිරකරුවන් නැවත බන්ධනාගාරයට පැමිණිය යුතු බවද ඔහු සඳහන් කළේය.

වයිරසය ඉරානයේ 14,991දෙනෙකුට ආසාදනය වී ඇති අතර, 853දෙනෙකු මියගොසිනි.