ඉරාන හොරාටත් කැමරාව හරහට හිටී


කොළඹ කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික සමාගමකින් රුපියල් එකොළොස් දහසක් සොරකම් කළ ඉරාන ජාතික සජාම් හුසේන් ට (24 ) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  රුපියල් තුන්දහසක දඩ නියම කළේය.

සොරකම් කළ මුදලද ඔහු විසින් ගෙවන ලද බව උසාවියේදී කියැවිණි. මහනුවර ,මාතර හා ගාල්ලේ තවත් සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් භාරයට පත් කැරිණි.

කොම්පඤ්ඤවීදීයේ සමාගමේ ආරක්ෂක කැමරාවලින් ඔහු අල්ලාගත හැකි විය.