
(ඩයනා උදයංගනී)
ජනප්‍රිය ගායකයකු හා සංගීත අධ්‍යක්‍ෂවරයකු වන ඉරාජ් වීරරත්න මහතාත්, නව පරපුරේ ගායිකාවක සහ නිවේදිකාවක වන ටෙහානි ඉමාරා මෙනවියත් ජාතික තරුණ සේවා සභා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත්කරනු ලැබ තිබේ.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.
මෙම පත්වීම අද (18) සිට ක්‍රියාත්මක වන වසර තුනක කාලයකට හෝ නැවත දැනුම්දෙන තුරු බලාත්මක බව පරිදි ලබා දී තිබේ.
ජාතික තරුණ සේවා සභාවේ ප්‍රකාශකයකු පැවසුවේ එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පැවති පුරප්පාඩු දෙකක් සඳහා අමාත්‍යවරයා විසින් මෙම පත්කිරීම් සිදුකර ඇති බවය.
එහි අධ්‍යක්‍ෂ මණ්ඩල තනතුරු ක්‍රීඩා, කලා, වෛද්‍ය ආදී විවිධ වෘත්තීන් නියෝජනය කරන්නන් විසින් හොබවන බව ද එම ප්‍රකාශකයා කීවේය.

