ඉරාක නවකතාකරුවෙක් ඝාතනයට ලක් වෙයි


ඉරාකයේ කීර්තිමත් නවකතාකරුවෙක් වන ඇලා මැෂොබ් මහතා  වෙඩිතබා ඝාතනය කර ඇත. 
 

නාඳුනන තුවක්කුකරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වේ.
 
51 වියේ පසුවූ ඔහු සාහිත්‍ය උත්සවයට සහභාගී වී නැවත යතුරු පැදියෙන් ගෙදර පැමිණෙමින් සිටියදී ඔහු මෙසේ ඝාතනය වී ඇත. 
 
 මෙම ලේඛකයා ග්‍රන්ථ 20 පමණ රචනා කර ඇති අතර විශේෂයෙන්  ඉතිහාසය සහ සංස්කෘතිය යන අංශ පිළිබඳ ග්‍රන්ථකරණයේ නියැලී ඇත. 
 
 මෑත කාලවලදී ඉරාකයේ දේශපාලන ඝාතන ගණනාවක් වාර්තා විය. 
 
 
(63226)