රොමේෂ් මධුෂංඛ
වව්නියාව, ඉරට්ටපෙරියකුලම අලුත්ගම ප්‍රදේශයේ හේන් ඉඩමක තිබි එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ තමිලන් ගුණ්ඩු වර්ගයේ අත්බෝම්බයක් සොයා ගත් බව වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.
ඉරට්ටපෙරියකුලම පොලීසිය පැවසූවේ හේනේ ගස් කපා ඉවත් කරන අවස්ථාවක හේන් හිමියා අදාළ බෝම්බය දැක පොලීසිය දැනුවත් කළ ඇති බවයි.
අනතුරුව පොලීසිය අදාළ ස්ථානයට ගොස් අදාළ බෝම්බය ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බය නිශ්ක්‍රීය කිරීමට නියමිත බව ඉරට්ටපොරියකුලම් පොලීසිය පවසයි.
පොලීසිය පැවසූවේ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් බෝම්බය නිශ්ක්‍රීය කිරීමට නියමිත බවටත් යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙම අත්බෝම්බය සඟවා තබන්නට ඇති බවට සැකකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ ඉරට්ටපෙරියකුලම පොලිසිය කියයි.