ඉමෝ තාක්ෂණයෙන් නිරුවත පෙන්වූ පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
 
 
ජංගම දුරකථනයෙන් ඉමෝ තාක්ෂණය ඔස්සේ කාන්තාවකට නිරුවත පෙන්වූ බව කියන පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව සහකාර පොලිස් අධිකාරි  ඩි.යු.පී.අමරතුංග මහතා පැවසීය. 
 
මෑතකදී විදේශගතව පැමිණි  බව කියන පානදුර පමුණුගම ප්‍රදේශයේ කාන්තාවක් පොලිස් පරීක්ෂකවරයා නාන කාමරයක සිට ඉමෝ තාක්ෂණය ඔස්සේ නිරුවත පෙන්වා අයුතු යෝජනාවක් කළ බව කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් පසුව එම පියවර ගත් බව සහකාර පොලිස් අධිකාරිවරයා කීය.