ඉබේ මැරෙන අය රජරට තෙවැනි තැනට
උතුරු මැද මරණවලින් සිය දිවි නසා ගැනීම් තෙවැනි තැන ගනිතියි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයයේ දොස්තර ධම්මික ද සිල්වා කියයි. 2010 දී මෙවැනි අය 5460 දෙනකු රෝහල් වෙත ගෙන ආ බවත් ඉන් සියයට දහයක් මියගිය බවත් ඔහු සඳහන් කරයි. මෙවැනි රෝගීන් රෝහල්වලට රැුගෙන යෑමට වසරකට රුපියල් එක්කෝටි දස ලක්ෂයක් ද ප‍්‍රතිකාර සඳහා රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් ද වැය වන බව ද ඔහු අනුමාන කරයි. උතුරු මැද මරණ වලින් වකුගඩු ලෙඩ මුල් තැනට ද, හදවත් ලෙඩ දෙවැනි තැනට ද, සිය දිවි නසා ගැනීම් තෙවැනි තැනට ද පත්වන බව ද ඔහු කියයි. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ලක්ෂයකට තිස් දෙනකු ද චීනයේ ලක්ෂයකට 13 දෙනකු ද, ඕස්ෙටි‍්‍රලියාවේ ලක්ෂයකට 11 දෙනකු ද, සියදිවි නසා ගනිතියි ඔහු පවසයි.

