ඉපැරැණි ගල් පව් රකින්න යයි


පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගල් පර්වත හඳුනා ගැනීම සඳහා ලබන වසරේ සිට සෝදිසියක් ආරම්භ කිරීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා පවසයි.

සංවර්ධන කටයුතු සඳහා විශාල වශයෙන් කළුගල් කඩන හෙයින් පුරාවිද්‍යා ස්ථාන හඳුනාගෙන සංරක්ෂණය කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී.ජයසුන්දර මහතා උපදෙස් දී ඇති බව ද දිසානායක මහතා කියයි.