දොඩංගොඩ සියඹලාගහලැයිම ඇලදූවේ දී 42 හැවිරිදි පුද්ගලයකුට පහරදී ඝාතනය කළැයි සැකපිට බාලවයස්කාර අයිය (17) මළෝ (13) දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සිකුරාදා සවස අසල්වැසි නිවසකින් විසි කළ ඉඳුල් වතුර තම මවගේ ඇඟට වැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පුතුන් දෙදෙනා කළ පහර දීමකින් එම පුද්ගලයා මියයන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
දොඩංගොඩ සියඹලාගහලයිම ඇළදූව ප‍්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ ඊයේ (12) පස්වරුවේ අදාළ පහරදීම සිදුව ඇති බවයි.
මියගිය පුද්ගලයා 42 වැනි වියේ පසු වූවෙක්. මෙම පුද්ගලයා ආහාර ගෙන පිඟාන සේදූ ජලය නිවසින් පිටතට විසි කළ අවස්ථාවේ අසල්වැසි කාන්තාවකගේ සිරුරේ වැදී තිබෙනවා. ඒ පිළිබඳ ඇති වූ ආරවුලකදී අදාළ කාන්තාවගේ පුතුන් දෙදෙනා විසින් පහරදීම සිදුකර ඇති බවයි විමර්ශනවලින් හෙළි වුණේ. ඔවුන් දෙදෙනාම බාලවයස්කරුවන් වන අතර එක් අයෙකු 17 වැනි වියේද අනෙකා 13 වැනි වියේද පසුවනවා.
වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
- See more at: http://offair.nethfm.com/article/20919#sthash.hazeDYDT.dpuf

