ඉන්ෆ්ලුවෙන්සා ඒ ගැබිණි මවට මරු ගෙනඑයි


වව්නියාව මහ රෝහලේ ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය ආසාධනය වූ රෝගීන් 25 දෙනකු සිටින බවත් උණ රෝගය වැළඳීමෙන් මියගිය ගැබිණි මවකට (26) ඉන්ෆ්ලුවෙන්සා ඒ වැළඳී තිබූ බවත් එම එම රෝහලේ වෛද්‍ය අධිකාරී සුදර්ශනී විග්නේෂ්වරම් මහත්මිය පවසයි.

වෛද්‍යවරු පවසන්නේ ගැබිණි මව්වරුන්ට, අවුරුදු දෙකකට වඩා වයසින් අඩු දරුවන්ට, දියවැඩියා හා වකුගඩු රෝගීන්ට හා වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට මේ රෝගය මාරාන්තික විය හැකි බැවින් දිගුකල් පවතින කැස්ස, හෙම්බරිස්සාව, හිසරදය සමග තද උණ ඇත්නම් ළඟම ඇති රෝහලකින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි.

නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් රෝගය සුවකළ හැකි බව ද වෛද්‍යවරු කියති.