ඉන්ධනහල් සේවකයා උස්සා පොළොවේ ගැසූ දෙන්නා අල්ලයි


(බුද්ධික කුමාරසිරි)

මුව ආවරණයක් නැතිව ඉන්ධන ලබා ගැනීමට මීගොඩ ඉන්ධන පිරවුම්හලකට ආ යතුරු පැදිකරුවෙකුට දුරස්ථභාවය තබාගෙන සිටින ලෙස ඉන්ධන හල් සේවකයාට පහරදුන් බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

සැකකරුවන් පාදුක්ක ගලගෙදර සහ වැටරැක ගාලබැඳිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 24 සහ 36 වයසේ පසුවන්නන් බව ද පොලිසිය සඳහන් කරයි. 

මුඛ ආවරණයක් නොමැතිව පැමිණී සැකකරුවන්ට දුරස්ථභාවය රැක ගන්නා ලෙස දැනුම් දීම මත  උරණ වූ යතුරුපැදිකරු පිරවුම්හලේ සේවකයාට තර්ජනය කර පසුව තවත් පුද්ගලයකු සමග පැමිණ පහරදී උස්සා පොළෙවේ ගසන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව ඇත.

එම පහර දීම වැලැක්වීම පිණිස, එම ස්ථානයට පැමිණි පිරවුම්හලේ තවත් සේවකයකුට ද අදාල පුද්ගලයන් පහර දී ඇතැයිද පොලීසිය පවසයි.

පහරකෑමට ලක්වූ ඉන්ධනහලේ සේවකයා  කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.