හර්ෂණ තුෂාර සිල්වා
ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් ධීවරයන්ට ඔවුන්ගේ කර්මාන්තයේ යෙදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා අද (11) පැවැසීය.
ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් ධීවරයන් අර්බුද රැසකට මුහුණ දී ඇති බවත් ඔවුන්ට තම ජීවන වෘත්තියේ නිරත වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ගමගේ මහතා කීය.
ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රත්න ගමගේ මහතා එම කරුණු ප්‍රකාශ කළේය.
එහිදි අදහස් දැක්වූ රත්න ගමගේ මහතා මෙසේ ද කීය.
“ඉන්ධන මිල වැඩි කිරීම වැඩිපුර බලපාන්නේ ධීවර කර්මාන්තයට. මෙයින් වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ ධීවරයන්. බහුදින ධීවර යාත්‍රාවලට එක් මුහුදු ගමනකට දළ වශයෙන් ඩීසල් ලීටර 2,500ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ නිසා දරන්නට සිදුවන අමතර වියදම රුපියල් 35,000ක් පමණ වෙනවා.
එක්දින ධීවර යාත්‍රාවලට එක් මුහුදු ගමනකට ඩීසල් ලීටර 40ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ නිසා දිනකට රුපියල් 500ත් 700ත් අතර අමතර පිරිවැයක් දරන්න වෙනවා. එක්දින ධීවර යාත්‍රා මගින් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට මාසිකව රුපියල් 15,000ත් 18,000ත් අතර අමතර වියදමක් දරන්න වෙනවා.
ලැබෙන මත්ස්‍ය අස්වැස්සන ප්‍රමාණවත් නැහැ කියලා අපි දිගින් දිගටම කිව්වා. මේ විදියට ඉන්ධන මිල වැඩි කළාම ධීවර කර්මාන්තයේ යෙදෙන්න බැරි වෙනවා. මත්ස්‍ය අස්වැන්නෙන් ලැබෙන ආදායම වගේ විශාල ගුණයක වියදමක් දරන්න වෙනවා ඒ වෙනුවෙන්. ඉන්ධන වියදම ඉතා විශාලයි. රටේ ධීවර ප්‍රජාව ලක්ෂ දෙකකට ආසන්න වෙනවා. එයින් සෘජුව හා වක්‍රව යැපෙන ලක්ෂ 15ක් පමණ සිටිනවා.
ධීවරයන්ට පෙර පැවැති මිලටම ඉන්ධන දෙන්නැයි අපි ඉල්ලා සිටිනවා. එසේ නැතිනම් ධීවරයන්ට සහනයක් දෙන්නැයි අපි ආණ්ඩුවට බල කරනවා. මීට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2012 වසරේදී ඉන්ධ මිල වැඩි කළා.
එහිදි ධීවරයන්ට සහනයක් දුන්නා. එහෙත් එය ක්‍රමවත්ව සිදුවුණේ නැහැ. ඒ නිසා අපි අරගලයක් කළා. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා. ධීවරයන්ට පෙර මිලට ඉන්ධන ලබාදෙන්න.
එහෙම බැරි නම් ඉන්ධන සහනාධාරයක් දෙන්න. කලින් ආණ්ඩුව වගේ නැතිව ක්‍රමවත්ව සහනාධාරයක් දෙන්න. එහෙම නැතිවුණොත් අපි ඉදිරි දිනකදී ධීවර ප්‍රජාව සමඟ පාරට බහිනවා”.