ඉන්ධන වලට භූමිතෙල් කවලම් කර දෙදෙනෙක් අත්අඩංගුවට


පුෂ්පකුමාර ජයරත්න 
 
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කුරුණැගල ගැට්ටුවානේ පිහිටි ඉන්ධන තොග ගබඩාවට ලබාදීම සඳහා රැගෙන ආ ඩීසල් බවුසරයකට භූමිතෙල් කවලම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම ඉන්ධන බවූසරයේ හිමිකරු සහ සහයක අද (05) සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණැගල පොලීසිය පවසයි.
 
ගැට්ටුවාන ඉන්ධන තොග ගබඩාවේ කළමනාකරු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.