(රංජන් කස්තුරි)
ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ නංවා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04 කින්ද වැඩිකර තිබේ. සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 03 කින් වැඩිකර තිබේ.
ඔටෝ ඩීසල්හි මිල කිසිදු වෙනසක් සිදුකර නැත.
ඒ අනුව නව සංශෝධිත මිල ගණන් පහත දැක්වේ.
|
ඉන්ධන වර්ගය |
වත්මන් |
සංශෝධිත |
මිලෙහි වෙනස (රු.) |
|
ඔක්ටේන් 92 පෙට්‍රල් |
136 /- |
138 /- |
02/- |
|
ඔක්ටේන් 95 පෙට්‍රල් |
159/- |
163/- |
04/- |
|
ඔටෝ ඩීසල් |
104/- |
104/- |
වෙනසක් නැත |
|
සුපිරි ඩීසල් |
131/- |
134/- |
03/- |

