ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් නෑ - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව


 (දිල්රුක්ෂි ග්‍රේරු)                                              

ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොකරන බව ඛනිජ තෙල් නීතිගතසංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.


ඊයේ මධ්‍යම රත්‍රියේ සිටඅයි.ඕ.සි සමාඟම පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් 9කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් වැඩි කළේය.


මේ සම්බන්ධව  ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් කළ විමසීමකදී එහි සභාපතිවරයා සඳහන් කළේ ඔවුන් කිසිම අයුරකින් ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි.