
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සමගි තරුණ බලවේගයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී අද(27) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස පැයකට ආසන්න කාලයක් අමාත්‍යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.
ඡායාරූප : ගයාන් අමරසේකර.

