(මනෝප‍්‍රිය ගුණසේකර)
ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත‍්‍රීයේ සිට වැඩිවන බව මුදල් අමාත්‍යංශයේ ප‍්‍රකාශකයකු පැවසීය.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 6 -කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 5 කින්ද සුපිරි ඞීසල් ලීටරය මිල රුපියල් 8 කින්ද ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 4 කින්ද වැඩි වන බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
රුපියල් 123 ක මුදලකට අලෙවි කළ ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 129 ක් වන අතර රුපියල් 147 ක මුදලකට අලෙවි කළ ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය නව මිල රුපියල් 152 ක් වේ.
රුපියල් 118 ක මුදලකට අලෙවි කළ සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 126 ක් වන අතර රුපියල් 99 ක මුදලකට අලෙවි කළ ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 103 ක් වේ.