ඉන්ධන බවුසර් උස්සපු අය නිදහස් කරන සූදානමක්


(යොහාන් භාසුර)

මෙරට ආර්ථික අර්බුදයකට පත්ව තිබූ 2022 සහ 2023 වසරවලදී ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බවුසර් අස්ථානගතවීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ නිලධාරීන් එම චෝදනාවලින් නිදහස් කිරීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන බවත් එම ඉන්ධන බවුසර් අස්ථානගතවීම සහ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් නිදහස් කිරීමේ සූදානම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පෙවරුවේ පැමිණ පැමිණිල්ලක් කළේය.  

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පෙවරුවේ පැමිණ මෙම පැමිණිල්ල කළේය.  

ඉන්ධන බවුසර් අස්ථානගතකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් වර්තමාන ආණ්ඩුව යටතේ ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උසස් තනතුරු දරන බවත් එම වරදකරුවන් නිදහස් කිරීමට අංක 258 කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත් දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාව රුපියල් ලක්‍ෂ 86 ක් වැයකර කළ වෝහාරික විගණනයක් කිරීමෙන් ඵලක් නොමැති බව කී දයාසිරි ජයසේකර මහතා ‘මාලිමා’ ආණ්ඩුව තුළ දූෂිතයන් චරිත බවට පත්ව ඇති බව ද සඳහන් කළේය.