ඉන්ධන බද්ද මාර්තු සිට පහතට


(රංජන් කස්තුරි)
 
ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල අඛණ්ව වැඩි වෙමින්  තිබුණද ජනතාවට සහනදීමේ අරමුණින් ඉන්ධන වෙනුවෙන් අයකරන බද්ද මාර්තු මාසයේ දී පහත දැමු බව මහා භාණ්ඩාගාරය සඳහන් කරයි.
 
ඒ අනුව පෙට්‍රරල් ලීටරයක් සඳහා අයකරන ලද රුපියල් 35 ක තීරු බද්ද රුපියල් 12 දක්වා ද ඩීසල් ලීටරයක් සඳහා අය කළ රුපියල් 15 ක් වු තීරු බද්ද රුපියල් 4 දක්වා ද අඩු කළ බව සඳහන් කරයි.
 
ඉකුත් 2015 වසර වන විට ඇමෙරිකානු ඩොලර් 49.49 ක්ව තිබු බොර තෙල් බැරලයක මිල 2017 වසර අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් 54.95 දක්වා වැඩි වු අතර මේ වසරේ මාර්තු මාසය වන විට බොර තෙල් බැරලයක මිල ඇමෙකානු ඩොලර් 63.07 දක්වා වැඩි වී තිබෙන බවද භාණ්ඩාගාර ප්‍රකාශකයෙක්  පැවසීය.