ඉන්ධන දෙන්න යළි QR එයි


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මෙරට පිහිටි සියලුම ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීම (15) දා සිට QR කේත ක්‍රමය ඔස්සේ සිදු කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, (15) දා උදෑසන 06.00 සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වනු ඇති.

මෙම නව ක්‍රමවේදය යටතේ QR කේතය ලබාගත හැකි ආකාරය පහත පරිදි වේ:

පෙර ලියාපදිංචි වී සිටි සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකයින්: 2026 මාර්තු 14 මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk වෙබ් අඩවිය ඔස්සේ තමන්ට හිමි කේතය භාගත කරගත හැකිය.