ඉන්දුනීසියාවේ සුලවාසි දිවයිනේ බොලෑං මොන්ගොන්ඩෝ පළාතේ රන් ආකරයක සිදුවූ නායයෑමකින් 60 දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
මියගිය එක් අයෙකුගේ සිරුරක් පමණක් හමුවූ බව බලධාරීහු පවසති.
මුදවාගැනීමේ කණ්ඩායම් විසින් 13දෙනකු බේරාගෙන ඇත.
මඩ සහ පාෂාණවලට යටවීමෙන් බොහෝ පිරිස් මියයන්නට ඇතැයි විශ්වාස කරන බව පොලිසිය පවසයි.
කෙසේ වුවද මුදවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතින අතර ඉන්දුනීසියානු ආපදා අංශ පවසන්නේ රාත්‍රී පහන් වනතුරු මේ සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් කටයුතු කළ බවයි.
කුඩා පරිමාණයෙන් සිදුකරන රන් කැණීම් ඉන්දුනීසියාවේ තහනම් කර ඇති නමුත් නීතිවිරෝධී ආකාරයෙන් බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල එම කටුයතු සිදුවන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

