ඉන්දුනීසියාවේ බස් අනතුරකින් 16ක් මරුට


ඉන්දුනීසියාවේ  ජාවා දූපත් ප්‍රදේශයේ සිදුවූ  බස් අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

මගීන් 34 දෙනෙකු රැගත්  මෙම බස් රථය කොන්ක්‍රීට් බාධකයක හැපී පැත්තකට පෙරලී යාමෙන් අද (22) අලුයම  අනතුර සිදුව ඇත.

මධ්‍යම ජාවාහි සෙමරන්ග් හි ක්‍රැප්යාක් ටෝල්වේ හි වක්‍ර පිටවීමේ බෑවුමකට ඇතුළු වන විට එය බාධකයේ හැපී ඇති බව සෙවුම් සහ ගලවා ගැනීමේ ප්‍රධානී බුඩියෝනෝ පැවසු බව විදෙස් මාධ්‍ය පවසයි.

දිවි ගලවා ගත් 18 දෙනෙකු අසල පිහිටි රෝහල් දෙකක ප්‍රතිකාර ලබමින් සිටින බවත් 13 දෙනෙකුගේ තත්ත්වය බරපතල  බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

බස් රථය ජකර්තා සිට යෝග්‍යාකර්තා දක්වා ගමන් කරමින් සිටි ඇත.

(හසිනි නවෝද්‍යා)