ඉන්දු - ලංකා ධීවර සාකච්ඡා යළි ආරම්භ කරන ලෙස ඉන්දියා ධීවර නියෝජිතයන් එරට රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ''ද හින්දු '' වෙබ් අඩවිය අද (20) වාර්තා කළේය.
දෙරට අතර පවතින ගැටළු සම්බන්ධයෙන් විසඳුමකට එලඹීම සඳහා සාකච්ඡා කඩිනම් කරන ලෙස ඉන්දියා විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඉන්දියාවේ ජාතික ධීවර කම්කරු සම්මේලනයේ සභාපති එම්.ඉලංගෝ හින්දු පුවත්පත කියා ඇත.
වසර තුනක කාලයක් සඳහා වසරකට දින 83 බැගින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීමට ඉන්දියා ධීවරයින් ඉල්ලීමක් කර තිබුණත් මෙකෙත් එකඟතාවකට පැමිණ නැත.

