ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා මහතා අද ගුවන් හමුදා මුලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය.
ගුවන් හමුදා මුලස්ථාන පරිශ්‍රයේදී ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ඔහු වෙනුවෙන් ආචාර පෙළපාලියක් පැවැත්වු අතර එහිදී ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් ඩි ජේ සි වීරකෝන් මහතා විසින් ඔහු පිළිගත්තේය.
මෙම හමුවේදී දෙරටේ ආරකෂක තත්වය පිළිබඳ කරුණු රැසක් සාකචිඡා කළ අතර දෙරටේ ගුවන්හමුදාපතිවරු මෙම හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරු කර ගත්හ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරිහු ද මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.










