පසුගිය මාසයේ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 36 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත අනාවරණය කරන පරිදි සැප්තැම්බර් මාසයේදී මෙරටට සංචාරකයින් 143,374ක් පැමිණ තිබේ.
සැප්තැම්බර් මාසයේ වැඩි ම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව හා චීනයෙනි.එම මාසයේ ඉන්දි සංචාරකයින්ගේ පැමිණිම සියයට 41කින් වැඩි වී ඇති අතර චීන සංචාරකයින්ගේ පැමිණීම සියයට 54කින් වැඩි වි ඇත.
මේ වසරේ ගෙවුණු මාස නවයේ තුළ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 13 15000 ඉක්මවා තිබේ.

