ඉන්දු -ලංකා පාලම එපා


තලෛයිමන්නාරම හා ධනුෂ්කොඩිය අතර පාලමක් ඉදිකොට දෙරට යා කිරීමට ඉන්දියාව දරන උත්සාහය නිසා ශ්‍රී ලංකාවට ආර්ථික, ආරක්ෂක, හා සමාජීය තර්ජනයක් ඇතිවන බැවින් ඊට තරයේ විරුද්ධ වන බව පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවක දී උදය ගම්මන්පිල මහතා   ප්‍රකාශ කළේය.

දෙරට අතර ඇති කර ගැනීමට උත්සාහ දරන සීපා ගිවිසුමට අදාළව මෙම පාලම ඉදි කිරීමට තීරණය වී ඇතැයි වාර්තා වන බව ද ගම්මන්පිල මහතා කීවේය.

සීපා ගිවිසුම ඇතිවී දෙරට අතර පාලම ඉදි වුවහොත් ඉන්දියාවේ ඉතිහාසය පුරා ඇති දිළිදුකමට හා විරැකියාවට පිළිතුරු ශ්‍රී ලංකාවෙන් ලබා ගත හැකි බව ඉන්දියාව දන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.